ලෝකයේ විවිධ ආගම් හා දර්ශනයන් තුළ සිත වැඩීම සඳහා මානසික ව්‍යායාම් ක්‍රම හා මනස හැසිරවීමේ ක්‍රම හඳුන්වා දී ඇත. එය භාවනා ලෙස හැඳින්වේ. ලෝකයේ භාවනා ක්‍රම රාශියක් ඇත. විවිධ ආගමික නායකයන් අධ්‍යාත්මය වර්ධනය කළ පුද්ගලයන් ශාස්තෘවරයන් ඔවුන්ට ආවේණික වූ භාවනා ක්‍රම හඳුන්වා දී ඇත. යෝග භාවනා යනුද යෝග දර්ශනය හා බැඳුණු ප්‍රධාන සිත වඩන මෙන්ම, සිත වඩන කය ද පාලනයකට ලක් කර විෂය සමඟ එක්විය හැකි, එසේ නැතිනම් විෂය තේරුම් ගත හැකි ක්‍රමවේදයයි. යෝග භාවනා ක්‍රම රාශියක් යෝග දර්ශනය තුළ හඳුන්වා දී ඇති අතර "ප්‍රාණයාම" අභ්‍යාස හා "ඕම්" භාවනාව ප්‍රධාන වේ.