අපේ සම්ප්‍රදාය

අපේ සම්ප්‍රදාය

ඉතා අනාදිමත් කාලයක සිට හෙළ දීපය තුළ තිබූ දේශීය දැනුම් පද්ධතිය වැළලීමට ඉඩ නොදී එය ආරක්ෂා කර ගනිමින් හා මතු පරපුර එම දැනුමෙන් පෝෂණය කරමින් අභාවයට යන වෙද පරම්පරාවන් හා සටන් පරම්පරාවන් සමග යෝග ගුරුකුලය ආරක්ෂා කිරීම යෝග අරණ සම්ප්රදාය වේ. පුලස්ති රිෂි තුමාගෙන් පැවත එන හෙළයන්ගේ වෙදකම ඉදිරියට ගෙන යමින් පුරාණ කෙම් ක්රම, බෙහෙත් ක්රම අනුගමනය කරමින් හා මිනිසුන් සුවපත් කරමින් සාමප්රදායික ක්රම අනුගමනය කිරීම යෝග අරණ සම්ප්රදාය වේ. විවිධ පර්යේෂණ ඔස්සේ ක්‍රමෝපායන් යොදා ගනිමින් පුර්ණ දැනුම් පද්ධතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම එම දැනුම නිසි කළමනාකරණයකින් යුක්තව සමාජගත කිරීම, එතුලින් යහපත් වූ වඩා ගුණගරුක සමාජයක් බිහි කිරීම යෝග අරණ සම්ප්‍රදායේ තවත් අරමුණකි.

  • නිවැරදි යෝග ශාස්ත්‍රය පිලිබඳ දැනුම හා අවබෝධය, ප්‍රායෝගික පුහුණුවීම් ලබාදීම.
  • පුරාණ ඉතිහාස දැනුම සමාජගත කිරීම.
  • හෙළයන් සතු වූ වෛද්‍ය දැනුම සමාජගත කිරීම.
  • හෙළයන් සතු වූ සටන් කලාව ඉදිරියට ගෙන යාම.
  • කෙම් ක්‍රම, නැකැත් ක්‍රම පිලිබඳ අවබෝධය ලබා දීම.
  • ආහාර රටාව හා ආහාර පරිභෝජනය පිලිබඳ නිසි අවබෝධය ලබා දීම.