YOGA & MEDITATION

යෝග ඉතිහාසය | HISTORY OF YOGA

යෝග යන වචනය සංස්කෘත භාෂා මුලාශ්‍රයකි. " යුග් " හෝ "යුජ්" වචනය පදනම් කරගෙන මෙම වචනය උපත ලබා ඇත. "යුග්" යන වචනයේ තේරුම ලෙස බැදීම, එකතු වීම, එක වීම, සම්බන්ධ වීම ආදී අර්ථ ගෙන දේ. "යුජ්" හි අර්ථය ලෙස සමාධියට යාම, භාවනා කිරීම අර්ථ ගෙන දේ. මිනිස් සිතේ පවතින්නා වූ ශක්තීන් උසස් තලවල සිටින්නා වූ දේව බලවේග සමග සම්බන්ධ වීම යෝග වල පුරාණ ඉගැන්වීම් වේ. කය හා මනස හීලැ කොට මෝක්ෂය කරා ලඟා වන්නේ කෙසේද යන්න යෝග දර්ශනයේ ඉගැන්වීමයි. යෝග දර්ශනය ඉතා පුළුල් විෂයකි. ඉපැරණි ඉන්දියාවේ මුලික ඉගැන්වීම්වලින් එකක් ලෙස යෝග දර්ශනය තිබු අතර එකල විවිධ තැන්වල තිබු ඉගැන්වීම් එකතු කොට "පතන්ජලි යෝග සුත්‍ර" ලෙස ග්‍රන්ථයක් එළිදක්වා ඇති අතර එම ග්‍රන්ථය මුලාශ්‍ර ග්‍රන්ථය ලෙස යෝග හදාරන්නන් භාවිතා කරයි.

යෝග භාවනා | YOGA MEDITATION

ලෝකයේ විවිධ ආගම් හා දර්ශනයන් තුළ සිත වැඩීම සඳහා මානසික ව්‍යායාම් ක්‍රම හා මනස හැසිරවීමේ ක්‍රම හඳුන්වා දී ඇත. එය භාවනා ලෙස හැඳින්වේ. ලෝකයේ භාවනා ක්‍රම රාශියක් ඇත. විවිධ ආගමික නායකයන් අධ්‍යාත්මය වර්ධනය කළ පුද්ගලයන් ශාස්තෘවරයන් ඔවුන්ට ආවේණික වූ භාවනා ක්‍රම හඳුන්වා දී ඇත. යෝග භාවනා යනුද යෝග දර්ශනය හා බැඳුණු ප්‍රධාන සිත වඩන මෙන්ම, සිත වඩන කය ද පාලනයකට ලක් කර විශ්වය සමඟ එක්විය හැකි, එසේ නැතිනම් විශ්වය තේරුම් ගත හැකි ක්‍රමවේදයයි. යෝග භාවනා ක්‍රම රාශියක් යෝග දර්ශනය තුළ හඳුන්වා දී ඇති අතර "ප්‍රාණයාම" ශ්වසන අභ්‍යාස හා "ඕම්" භාවනාව ප්‍රධාන වේ.

යෝග භාවනා වර්ග

  • "ඕම්" භාවනාව
  • "ප්‍රාණයාම" භාවනාව
  • "හරි ඕම්" භාවනාව
  • "සාතානාම" භාවනාව
  • ආධුනිකයකු යෝග සදහා යොමුවීම

    HOW TO PRACTICE

    යෝග පුහුණුවීම සදහා විශේෂ සුදානමක් අවශ්‍ය නැත.යෝග යනු මෙලොව මිනිසුන්ට අමුතුම දෙයක් නොව.නමුත් මිනිසා දිනෙන් දින ආර්ථික ලොව ජය ගැනීමට උත්සාහ කරන නිසාවෙන් හා යාන්ත්‍රික තාක්ෂණය දියුණු වීම හේතුවෙන් සහ පරිසරය තුලින් ඈත්වීම වීම හේතුවෙන් යෝග යන අධ්‍යාත්මක ජීවන දර්ශණය මිනිස් සමාජයෙන් ඈත් වී ඇත.

    පළමුව ඒ සදහා කාලයක් වෙන් කර ගන්න.එය තමන්ට පහසු වෙලාවක් විය යුතුය.

  • උදය කාලය වඩා හොදය . හවස් කාලයද හොදය.
  • ආහාර ගත විගස කිසිදු යෝගසනයක් හෝ යෝග ක්‍රියාකාරකමක් කිරීම සුදුසු නැත.
  • අසනීප අවස්ථාවලදී යෝග කිරීම සුදුසු නැත.
  • කලබලකාරී පරිසරයක් යෝග සදහා එතරම් සුදුසු නැත.
  • ස්වභාවික පරිසරයක් නම් වඩා හොදය.
  • මුලදී නිශ්චිත කාලයක් වෙන්කල යුතු නැත.
  • යෝග පුහුණුවට පෙර කය පිරිසිදු කර යෝගාසන ආරම්භ කරන්න.
  • යෝගාසන සදහා පෙර සුදානම.

  • පහසු ඇදුමකින් සැරසෙන්න.
  • අවට පරිසරය සුවදවත් වන ආකාරයට තබන්න.
  • හොදට වාතාශ්‍රය ලැබෙන ස්ථානයක පුහුණු වන්න .
  • ප්‍රධාන ආහාරය ගෙන අවම පැය 03 කට පසු අභ්‍යාස සදහා යොමුවන්න.
  • ගුරුන් වැද අභ්‍යාස ආරම්භ කරන්න.
  • පළමුව දීර්ඝ ස්වසනයේ යෙදෙන්න.
  • ශරීරය ඇද ගැනීමේ අභ්‍යාස වල යෙදෙන්න.
  • මුල් අවස්ථාවේදී විනාඩි 30ක කාලයක් ප්‍රමාණවත් වේ.
  • අභ්‍යාස වලින් පසු ලිහිල් වීමේ අභ්‍යාස වල නිරත වන්න.
  • ගුරු උපදෙස් මත අසන පුහුණුව ආරම්භ කරන්න.
  • අභ්‍යාස කල විගස කිසිදු විටෙකවත් සිතල ආහාර, සීතල ජලය මගින් ශරීරය පිරිසිදු කිරීම නොකරන්න.
  • යෝග වර්ග

    රාජ යෝග

    හඨ යෝග

    කර්ම යෝග

    භක්ති යෝග

    ඥාන යෝග

    ධ්‍යාන යෝග

    තන්ත්‍ර යෝග

    ක්‍රියා යෝග

    අෂ්ඨාංග වින්‍යාස යෝග

    කුණ්ඩලනි යෝග

    විවිධ යෝග සම්ප්‍රධායන් හා ගුරුකුල

    සරස්වතී යෝග ගුරුකුල සම්ප්‍රදාය

    බාබාජි ක්‍රියා යෝග ගුරුකුල සම්ප්‍රදාය

    සිවානන්ද යෝග ගුරුකුල සම්ප්‍රදාය

    අයියෙන්ගාර් යෝග ගුරුකුල සම්ප්‍රදාය

    පතාබිජොයිස් යෝග ගුරුකුල සම්ප්‍රදාය