ELEVATED LIVING

යාල ළමා වැඩසටහන

දරුවන්ගේ මානසික සමබරතාවය මෙන්ම නිර්මාණශිලිත්වය , නායකත්ව හැකියාව , සතිමත්භාවය වර්ධනය කිරීම අරමුණු කොට තිස්සමහාරාමය යල හයිටි මෙදිටේෂන් මධ්‍යස්ථානය තුල පැවැත්වූ වැඩසටහනකි .තෝරා ගත් ළමුන් සදහා තිස්ස ළමා සමාජය පිහිටවූ අතර එම ළමුන්ට අධ්‍යාපනයට උපකාර කිරීමේ අරමුණ ඇතිව කුසලතාවයන් වර්ධනය කිරීමේ ඉලක්ක කොට ළමා සමාජය පිහිටුවීය. සහභාගී වූ සියලුම ළමුන්ට අධ්‍යාපනය අවශ්‍ය පොත්පත් ලබා දීමද ඉදිරි අනාගතයට අවශ්‍ය දැනුමද යෝග අරණ මගින් ලබා දෙන ලදී .

Learn more

සුචරිතෝදය ළමා වැඩසටහන

සෑම දරුවකුටම ආදරය ,කරුණාව , ආරක්ෂාව , රැකවරණය අවශ්‍යය .අනාගතය බොහෝ විට තීරණය වන්නේ අප අවට පරිසරය කොතරම් අපගේ ජිවිතයට බලපානවද යන්න මතය.දරුවන්ට ආදරය, කරුණාව පෙරදැරි කරගෙන සතුට, විනෝදය සමග පැවැත්වූ වැඩසටහනකි. මෙහිදී දරුවන්ගේ මානසික සතුටට මුල් තැනක් දී වැඩසටහනේ සියලුම වැඩ කටයුතු යෝග අරණ මගින් සංවිධානය කෙරුණි.

Learn more

පන්නල ළමා වැඩසටහන

අති පුජනිය බ්‍රිස්බේන් ධම්මරක්ඛිත ස්වාමින් වහන්සේ පැවැත්වූ සතිමත්භාවය වැඩසටහනට සමගාමිව දරුවන්ට පැවැත්වූ යෝග පිළිබද සරළ අවභෝදයක් ලබා දීම සදහා පන්නලදී මෙම ළමා යෝග වැඩසටහන ක්‍රියාත්මක විය.

Learn more

කරුණා වැඩසටහන

යාල හයිටි මෙඩිටේෂන් මධ්‍යස්ථානය තුල දින 03ක පැවැත්වූ කරුණා වැඩසටහනේ මුලික අරමුණ එම ලැබෙන අදායමින් අසරණ පවුල් කිහිපයකට වියලි ආහාර මල්ලක් ලබා දීමය. මෙම " කරුණා " වැඩසටහන පවත්වන්නේ අරමුණ පෙරදැරිකරගෙනය.

Learn more