යෝග ආශ්‍රම පුහුණුව
ASHRAM TRAINING
යෝග ආශ්‍රමය පවත්වාගෙන ආකාරය , යෝගියකුගේ දින චර්යාව , අහාර රටාව මෙන්ම අසන පුහුණුව හා ආධුනික යෝගීන් පුහුණු කරන ආකාරය
පිළිබද අවබෝධය මෙන්ම ප්‍රයෝගික පුහුණුව ලබා දෙන පාඨමාලාවකි.දින 21 ක නේවාසික පුහුණුව ලැබිය යුතුය.
ප්‍රධාන වශයෙන් කායික ශක්තිය හා මානසික ඒකාග්‍රතාවය මුල් කොට ගෙන පුහුණුව පැවැත්වේ.යෝගියකු වශයෙන් දේශීය හා
විදේශීය වශයෙන් පුහුණුවීම් කරන ආකාරය පිළිබද සරළ අවදෝධයක් ලබා දෙන අතර විදේශිකයන්ට යෝග පුහුණුවීම් කරණ ආකාරය පිළිබද අවබෝධය ලබා දේ.
පාඨමාලාවේ අන්තර්ගතය
- යෝග හැඳින්වීම හා විකාශනය
- යෝග සම්ප්‍රධායන් හා යෝග වර්ග හැඳින්වීම
- යෝග මුලධර්ම
- ආයුර්වේද මුලධර්ම
- ආහාර හා විටමින්
- සිවානන්ද සම්ප්‍රධාය
- ක්‍රියා යෝග සම්ප්‍රධාය
- හඨ යෝග ආසන පුහුණුව
- හඨ යෝග අධ්‍යයනය
- යෝගියකුගේ දින චර්යාව
- යෝග ආශ්‍රමය කලනමනාකරය කරන ආකාරය
- යෝග ආහාර පිළියෙළ කර ගන්නා ආකාරය
පාඨමාලාව කවුරුන් උදෙසාද ?
- යෝග උපදේශකයකු ලෙස වෘතිය මට්ටමේ පුහුණු වීමට බලාපොරොත්තුවන අයට
- යෝගාශ්‍රමයක් ආරම්භ කිරීමට බලාපොරොතු වන අයට
- යෝග පිළිබද ප්‍රයෝගිකව දීර්ඝ වශයෙන් අධ්‍යනය කිරීමට බලපොරෝත්තු වන අයට
- විවිධ රෝගාබාධ වලින් පෙලෙන අයට
පාඨමාලාවේ වැදගත්කම හා ප්‍රයෝජන
- යෝග ඩිප්ලෝම පාඨමාලාව සදහා සුදුසුකමක් වීම
- යෝග ගුරු පුහුණුව සදහා සුදුසුකමක් වීම
- විවිධ රෝගාබාධ සුවකර ගත හැකිවීම
- යෝග වලින් බෝ නොවන රෝග සුවකිරීම පිළිබද අවබෝධය ලැබීම
- යෝග ආශ්‍රමයක් ආරම්භ කිරීමට හා කළමනාකරය පිළිබද දැණුම හා අවබෝධය ලැබීම
ඉගැන්වීම් කරන ආකාරය
- ප්‍රශ්ණ හා සාකච්චා ඇසුරින් න්‍යායාත්මක කරුණු අධ්‍යනය කෙරේ
- දිනකට පැය 14 ක යෝග පුහුණුව
- එක් එක් විෂයන් විවිධ ගුරුවරුන් යටතේ පුහුණුවීම් කෙරේ
- පාඨමාලාව අතරතුර ඉංග්‍රීසි පුහුණුව ලබාදීම
විභාග හා පැවරුම්
- න්‍යායාත්මක හා ප්‍රයෝගික පුහුණුව මුහුණ දී සමත් විය යුතුය
- යෝගශ්‍රමයක් ආරම්භ කිරීම පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම පිළිබද අවබෝධය
- වෙළදපළ පිළිබද අවබෝධය හා විදේශිකයන්ට පුහුණු කරණ ආකාරය පිළිබද ප්‍රයෝගික පුහුණුව ලබාදීම.
ඉගැන්වීම් මාධ්‍යය : සිංහල / ඉංග්‍රීසි
කාලය : නේවාසික දින 21 පැය 300
පුහුණුවීම් වේලාව : පෙරවරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා