Yoga for Children

පාසල් ළමුන් සඳහා යොග හදුන්වා දීම

කුඩා කල සිටම නිසි මෙහෙයවීමක් මගින් නීරෝගී වුත් රටට වැඩදායි පුරවැසියෙකු බිහි කිරීම මෙතුලින් අපේක්ෂා කෙරේ.

අධ්‍යාත්මික සමාජය

  • කල යුතු දේ හා නොකළ යුතු දේ ගැන මනා අවබෝධයකින් යුක්ත වීම.
  • හොඳ හා නරක පිලිබඳ වැටහීමකින් කටයුතු කිරීම.
  • ලෝක ධර්මතාවයන් පිළිබඳව අවබෝධයක් සහිතව ජීවත් වීම.
  • කෙලෙහිගුණ දත් කල දේ විපාක ඇත අර්ථයෙන් හා දැනීමෙන් ජීවත් වීම.
  • පොතට සීමා වුන දැනුමක් නොව ලෝකය පිලිබඳ දැනුවත් භාවයකින් ජීවිතය හැඩ ගස්වා ගැනීම.

පුහුණුවීම් කරන ආකාරය

  • ශරීරය පිලිබඳ නිසි අවබෝධය ලබා දීම සඳහා ශාරීරික අභ්‍යාස පුහුණු කිරීම. ඒ සඳහා යෝගාසන වේගරිද්මයනුකුලව පුහුණු කෙරේ.
  • ශරීරය යම් ආකාරයකට සැකසුනු පසු යෝගාසන පුහුණු වීම ආරම්භ කෙරේ.
  • සිතේ පවතින නොසන්සුන්තාවය නැතිකිරීම සඳහා මානසික චිත්ත ශක්තින් ඇති කරන අභ්‍යාස පුහුණු කෙරේ.
  • ඒ සඳහා යෝග භාවනා ක්‍රම මෙන්ම විවිධ වූ චිත්ත අභ්‍යාස පුහුණු කෙරේ.

අපේක්ෂිත ප්‍රතිඵල

  • පුහුණු සැසි අවසානයේ පරීක්ෂණ පවත්වා දක්ෂතා දක්වන අය‍ට විවිධ ශිෂ්‍යත්ව පිරිනැමීම හා අධ්‍යාපනයට අවශ්‍ය පදනම සකසා දීම.
  • ආවේගශීලි නොවන දරු පරපුරක් බිහි කිරීම.