Yoga Certificate Course

යෝග සහතික පත්‍ර පාඨමාලාව (මාස 04)

Yoga Certificate Course (04 months)

යෝග දර්ශණය ඉතා ගැඹුරු වුත් විශාල වුත් මනස වඩන මනරම් දර්ශණයකි. මෙම දර්ශණය මුල සිට ඉතා සරළව තම වෘතියට හා දිවි පැවැත්මට යොදා ගෙන සැහැල්ලු මනසකින් සතුටින් ජීවිතය ගත කිරීමට දැණුම ලබාදෙන පාඨමාලාවකි. යෝග සහතිකපත්‍ර පාඨමාලාව නොපැහැදිලි අනාගතය පැහැදිලි කර ගනිමින් වෘතිය මට්ටමේ යෝග උපදේශකයකු වීමට අවස්ථාව උදා කර ගැනිමට සදහා සකසා ඇත. හඨ යෝග පිළිබද පැහැදිලි හා නිවැරදි අවබෝධය ලබා දෙමින් යෝග දර්ශණය මුල සිට ඉතා ක්‍රමාණුකූලව මෙම පාඨමාලාව පෙළ ගස්වා ඇත. විශේෂයෙන් තම වෘතිය යෝග උපදේශකයකු ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ට මෙම පාඨමාලාව ඉතා විශේෂ වනු ඇත.

යෝග අරණ සමග එක්වී ජීවිතය ජය ගන්න.

ඉගැන්වීම් මාධ්‍යය : සිංහල / ඉංග්‍රීසි

පාඨමාලාවේ අන්තර්ගතය

  • යෝග හැඳින්වීම හා විකාශනය
  • යෝග සම්ප්‍රධායන් හා යෝග වර්ග හැඳින්වීම
  • යෝග මුලධර්ම
  • ආයුර්වේද මුලධර්ම
  • ආහාර හා විටමින්
  • සිවානන්ද සම්ප්‍රධාය
  • හඨ යෝග ආසන පුහුණුව
  • හඨ යෝග හැඳින්වීම හා අවබෝධය
  • පථංජලී යෝග සූත්‍ර මූලික අවබෝධය
  • තම වෘත්තියට යෝග උපයෝගී කර ගන්නා ආකාරය

පාඨමාලාව කවුරුන් උදෙසාද ?

  • යෝග වෘත්තියක් ලෙස හැදෑරීමට කැමති අය
  • පාසල් අධ්‍යාපනය හදාරන අයට හා හැදෑරු අයට
  • වෘත්තිකයන්ට
  • යෝග පිලිබඳ උසස් දැනුමක් ලබාගැනීමට අපේක්ෂා කරන්නන්ට පදනම් පාඨමාලාවක් වීම
  • ගෘහණින්ට

පාඨමාලාවේ වැදගත්කම හා ප්‍රයෝජන

  • යෝග ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සුදුසුකමක් වීම
  • යෝග ගුරු පුහුණු පාඨමාලාව සඳහා සුදුසුකමක් වීම
  • සිවානන්ද සම්ප්‍රධාය හා හඨ යෝග ආසන ඉගැන්වීමට සුදුසුකමක් ලැබීම

ඉගැන්වීම් කරන ආකාරය

  • මුද්‍රිත නිබන්ධන ඇසුරින් න්‍යායාත්මක කරුණු සාකච්චා කෙරේ
  • ප්‍රයෝගික පුහුණුව යෝගාශ්‍රමය තුලදී පුහුණු කෙරේ
  • එක් එක් විෂය සඳහා විශේෂක්ඥ ගුරුවරුන් යටතේ පුහුණු කෙරේ
  • පාඨමාලාව අතරතුර විශේෂ ඉංග්‍රීසි කථන පුහුණුවක් ලබා දේ

විභාග හා පැවරුම්

  • යෝග ගුරුවරුන් ලෙස පුහුණුවන්නන් විභාගයට මුහුණ දී සමත් විය යුතුය.
  • එක් එක් විෂයට අදාල පැවරුම් ලබාදිය යුතුය